ප්‍රවීන රංගධරයෙකුගේ නික්ම යාම..
Friday, 12 February 2021 - 8:22 | Views - 226

ප්‍රවීන රංගන ශිල්පි ජයලාල් රෝහණ මහතා පසුගියදා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස මියගොස් ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 56 ක්.
හෘදයාබාධය හට ගැනීමත් සමඟ රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත්, ඔහු මියගොස් සිටි බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කලේ.
1964 වසරේ නොවැම්බර් 01 වැනිදා උපත ලැබූ ජයලාල් රෝහණ මෙරට සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිණියේ දස්කම් දැක්වූ ප්‍රවීන රංගධරයෙක්.
වේදිකාවේ ප්‍රහසනය උපද වූ ඔහු, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළා.
ඊට අමතරව වේශ නිරූපන ශිල්පියෙකු සහ ගුවන් විදුලි තිර නාටක රචකයෙකු ලෙසද ජයලාල් රෝහණ කටයුතු කර තිබෙනවා.
පුංචි තිරයේ ඔහුගේ දස්කම් හෙලි වූ අවස්ථාවක් වන්නේ ‘ඉසුරු යෝගය’ ටෙලි නාට්‍යයේ රඟපෑමෙන් හොඳම නළුවාට හිමි සම්මානය හිමිකර ගැනීමයි.
නව පරපුරට නාට්‍යකරණය පිළිබඳ ගුරු-හරුකම් ලබාදුන් ජයලාල් රෝහණ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ආදි සිසුවෙකු වන අතර, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය සහ රංගනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලැබූ කෘතහස්ත කලාකරුවෙක්.
Share This Article