වැඩිම කොරෝනා ආසාදිතයින් ඊයේ වාර්තා වූ ප්‍රදේශ..
Thursday, 11 February 2021 - 11:02 | Views - 1,562
ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එම සංඛ්‍යාව 298 ක්. තවත් 255 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 81 ක්.
ඊට අමතරව සෙසු දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 321 දෙනෙකු වාර්තා වුණා.
Share This Article