පාස්කු ප්‍රහාරයේ අදුරු මතක අතර රැදුණු අමතක වී ගිය කඳුළ- (හෙද නිලධාරිනි පුෂ්පාගේ දෑසින් )
Wednesday, 10 February 2021 - 15:33 | Views - 315
හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා කියන්නේ අපේ රටේ ඕනෑම ව්‍යසන අවස්ථාවක ඉදිරියට එන, කවුරුත් දැන හඳුනන චරිතයක්..

ඇය සමාජ මාධ්‍ය තුළ ඇගේ වෘත්තීමය ජීවිතේ අමතක නොවන අත්දැකීම් ලියන කෙනෙකු හැටියටත් ප්‍රසිද්ධයි. මේ ඇය පාස්කු ප්‍රහාරය දා සිදු වුනු සිදුවීමක් ගැන ලියූ කඳුළු මතකයක්.....

පාස්කු ප්‍රහාරයේ රිදුන තැනක්......
21.04.2019 බෝම්බ පිපුරුමට දින 2 කට පසු හදිසි අනතුරු අංශයට පැමිණි ඇය මා අසල සිටගත්තාය...
ඉංදීය කාන්තාවක් වූ ඇය.... නිහඩව මා දෙස බලා සිටියාය
ඒ ඇස් ඉදිමී තිබුනේ කදුලකටද කිසිදු ඉඩක් නොතබාය...
ඇය සිමින් සිමින් මිමිනීය.....
My husband?
ඇය දන්නා ඉංග්‍රීසියෙන් ඇයගේ ස්වාමියා සිටීදැයි විමසීය. ඇයගෙන් ඔහුගේ නම අසා සිටියත් රෝහලේ කිසිම නාමලේඛණයක එම නම සදහන් නොවීය.
මා ඒ බව ඇය සමග සිටි තවත් අයෙකුට පැවසීය.
එනමුදු ඇය එය පිලි නොගත්තාය. ඇය කියන පරිදි ඔහු රෝහලේ කොහි හෝ සිටිය යුතුය. ඇයගේ සිත නොරිදා අප පිරිමි රෝගීන් සිටින වාට්ටු සදහා ඇයව යොමු කරවූයේ එය පැහැදිලි කර දීමටය...
පැයකට පසු නැවතත් ඇය මා ඉදිරිපිට!
ඇය ඇයගේ දුරකතනයේ ඇයගේ ස්වාමියාගේ පිංතූර මා හට පෙන්වූයේ කිසියම් හෝ හෝඩුවාවක් පිලිබදව දැන පිළිසරණක් ලැබීමටය..
එම බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබු සැම රෝගියෙකුම වර්ගීකරණය කල හෙයින් මම නැවතත් එම රෝගින් ස්මරණය කලෙමි.
එම ප්‍රහාරයෙන් මුලින් පැමිණි සියලු රොගීන් මියගොස්ය එය ගනනින් 70ට අධිකය. තුවාල කරුවන් සියල්ලම ඇතුළත් කළ පසු පැමිණි සියල්ලත් මියගොස්ය . ඔවුන් දරුනු ලෙස බෝම්බ ප්‍රහාරයෙන් තුවාල වී සිටි බැවින් ඔවුන් එසැනින්ම අධිකරන කාර්යාලයේ මෘත ශරීරාගාරයට පිටත් කලෙමු. ඒ අතර ශරීර කොටසද බොහෝ තිබුන බව මා දෙනෙතෙහි දර්ශනය වූ බව මා ඇයට කෙසේ පවසම්ද?
එදින ව්‍යසනයෙන් රෝගීන් 267 ක් අපට ‍‍ගෙනාවත් පසුවට පැමිණි සෑම මළ සිරැරක්ම දැඩි ලෙස හානී වී තිබුනි. සමහර ශරීර දෙකට කැඩී එක් කොටසක් පමණි. එම සිරුර එසවීමේදී සිරුරු කොටස් ගැලවෙන ස්වභාවය අති භයංකරය..
මා ඇයට එය කෙසේ පවසම්ද?.
නමුත් මා ඇයට පැවසුවේ ඔහු ගැන නිච්චියක් මට නැති බව පමණි.
එයින්ද සෑහීමට පත් නොවුන ඇය පැවසූයේ 'එයා අතේ ඇගිලි වල මුදු හතරක් දානවා ඔයාට එහෙම මතකද? 'යන්නය.....
මා ඇයට කුමක් පවසන්නද.?..මාගේද සිත සසල කර අවසානයේ පැමිණි ලොරියේ මිනිස් සිරුරු කොටස් පුරවා පැමිණි ඇති බැවින් එය බලන්න කියන්නද?
මට පිළිතුරු දීමට නොහැකි වුවද ....ඉංදියාවේ සිට පැමිනි ඇයට පිළිතුරක් අවශ්‍යමය....
අවසානයේ මාද සිත තද කරගෙන ඇයව පොලිස් මෝචරිය වෙත පිටත් කලේ කුමන හෝ ඉගියක් ලබා ගැනීමටය..
මා වෙන කුමක් කරන්නද?


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top