බස්නාහිර සියලු පාසල් ආරම්භය මාර්තු මසට කල් යයි.
Wednesday, 10 February 2021 - 14:38 | Views - 785
බස්නාහිර සහ හුදෙකලා කළ පොලිස් බල ප්‍රදේශවල පාසල් හැර සෙසු පාසල් මේ වන විටත් විවෘත කර ඇති අතර, බස්නාහිර පළාතේ කොළඹ , ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු නිර්දේශ ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පසුගියදා පියවර ගෙන තිබුණා.
පසුව කොළඹ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් එම නිර්දේශ ලැබී තිබු හෙයින් , සෞඛ්‍ය බලධාරීන් විසින් අනුමැතිය ලබා දී තිබුනේ,පෙබරවාරි 15 වනදා බස්නාහිර පළාතේ බොහෝ පාසල් ආරම්භ කිරීමටයි. එහෙත් ඊයේ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග මේ තීරණය වෙනස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර තිබුණා .
ඒ බස්නාහිර ඇතුළු දිවයිනේ සියලුම පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු පහළොස් වැනිදා(15) සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා තීරණය කිරීමෙන් පසුවයි.
කෙසේ වෙතත් දැනට ආරම්භ කර ඇති බස්නාහිර පළාතේ 11 ශ්‍රේණියේ දරුවන්ගේ පාසල් ඒ අයුරින්ම පැවත්වනු ලබනවා.
Share This Article