හෝටලයක සැගවුණු ගණිකා ජාවාරමට තිත..,
Wednesday, 10 February 2021 - 11:26 | Views - 677
මීපේ පාදුක්ක ප්රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු
ඊයේ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අවිස්සාවේල්ල මහේස්ත්රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත බවයි සදහන් වන්නේ.
මෙහිදී ගණිකා සේවයේ යෙදී සිටීමේ අදහසින් රැදිසිටි කාන්තාවන් තිදෙනෙකුද පාදුක්ක පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 63ක අයෙකු වන අතර, සැකකාරියන් 34, 40,46 වන වයස් වල පසු වූවන් බවයි
පොලිසිය වැඩිදුරටත් සදහන් කලේ.
මොවුන් වටරැක , රත්මලාන , මැල්සිරිපුර යන ප්රදේශ වල පදිංචිකරුවන් බවද සදහන්.
Share This Article