උපකාරක පන්තියට සහභාගී වූ හත් හැවිරිදි දරුවා සෙල්ලමෙන් මාරු දකී...,
Wednesday, 10 February 2021 - 8:28 | Views - 578
ඕමන්ත ප්‍රදේශයේ නිවසක ලිඳක් තුළ තිබී හත් හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එම දරුවා අතුරුදන් ව ඇති බවට ඥාතීන් විසින් සිදුකළ විමර්ශනයකදීයි දරුවාගේ සිරුර ඕමන්ත,නව්වි ප්‍රදේශයේ ලිඳක තිබී සොයාගෙන ඇත්තේ.

ඊයේ දිනයේ මෙම දරුවා තවත් දරුවන් කිහිපදෙනෙකු සමඟ උපකාරක පන්තියකට සහභාගීවීම සඳහා නිවසෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අනතුරුව රාත්‍රිය වනතෙක් දරුවා නිවසට නොපැමිණීමත් සමඟ දරුවාගේ ඥාතීන් විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුවයි අසල්වැසි නිවසක ලිඳක තිබී පොලිසිය විසින් දරුවාගේ මළ සිරුර සොයාගෙන ඇත්තේ.

මියගොස් ඇති සිසුවාගේ පොත් බෑගය හා වතුර බෝතලය අසල කුඹුරක වැටී තිබියදී සොයා ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

මෙම දරුවා තවත් දරුවන් කිහිපදෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටියදී ලිඳට වැටී මියගොස් ඇති බවටයි සැකපළකරන්නේ.

දරුවාගේ මළ සිරුර ළිදෙන් ගොඩගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර තිබෙනවා.

ඕමන්ත පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top