පාසල් සිසුවිය රැගෙන ගිය පෙම්වතා ඇයට කල අපරාධය..,
Tuesday, 09 February 2021 - 16:35 | Views - 402
පෙම්වතා සමඟ දැරිය කුලී නිවාසයක කාලය ගත කරලා...!

ප්‍රේම සම්බන්ධයක් මත නිවසට හොරා පෙම්වතා සමග ගිය 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් මාස දෙකකට පසුව පෙම්වතා පහරදීමෙන් මව සොයාගෙන නිවසට පැමිණීමේ සිද්ධියක් මාරවිල පොලිසියට ලැබී ඇති පැමිණිල්ලකින් වාර්තා වනවා.

මාරවිල මැදමාවිල ප‍්‍රදේශයේ පදිංචි දැරිය 9 වසරේ අධ්‍යාපනය ලබමින් මව සමඟ නිවසේ ජීවත්ව තිබෙනවා.

වසරක පමණ කාලයක් පෙම්වතකු ඇසුරු කළ ඇය මවට නොදන්වාම පෙම්වතා සමඟ යතුරුපැදියකින් ගොස් ඇති බව සඳහන්.

පෙම්වතා පන්නල ලිහිනියාගම ප‍්‍රදේශයේ අයෙක්. ඔහු දැරියව ඔහුගේ මිතුරකුගේ නිවසට කැඳවාගෙන ගොස් එදින රාත‍්‍රියේ ඇයත් සමඟ අඹුසැමියන් සේ ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්පසු පෙම්වතා ඇයව තම නිවසට කැඳවාගෙන ගොස් ඇති අතර පෙම්වතාගේ මව ඇයව ඇගේ මවට බාරදීමට කැඳවාගෙන ගොස් ඇතත් මව තම දියණිය බාරගැනීම ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ නිසා පෙම්වතා ඇයව කුලී නිවසකට කැඳවාගෙන ගොස් ඇයත් සමග ජීවත් වෙමින් වරින් වර දෙදෙනාම ඇයගේ මව බැලීමට ගොස් තිබෙනවා.

ඇය නිතර තම මව බැලීමට යෑම ගැන කෝපයට පත් පෙම්වතා ඇය සමඟ බහින්බස්ව පහරදී ඇති බවද සඳහන්..

ඉන්පසු දැරිය තම රෙදිපිළිද ගෙන මවගේ නිවසට පැමිණ තිබෙනවා. මව ඇය සමග මාරවිල පොලිසියට පැමිණ සිද්ධිය දැනුම්දීමෙන් පසුව වින්දිත දැරියගෙන් ප‍්‍රකාශයක් ලබාගෙන පෙම්වතා වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වනුයේ පන්නල පදිංචි 19 හැවිරිදි පුද්ගලයෙකි. වින්දිත දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ. යූ. ගුණපාල - හලාවත අධිකරණ
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "දිවයින" පුවත්පතෙන්...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top