කොවිඩ් සත්‍ය හමුවේ ගැටුණු මැතිසබය..,
Tuesday, 09 February 2021 - 13:36 | Views - 386
කොරෝනා ආසාදිතයින් සහ සුවය ලැබූවන් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන වාර්තා අසත්‍ය බවට සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අද (09) පාර්ලිමේන්තුවේදී චෝදනා කළා.
කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දැක්වූ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ එම චෝදනා ප්‍රතික්ෂේප කළා.
එමෙන්ම, පී.සී.ආර්. පරීක්ෂණවලදී ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියා.
Share This Article