ගම්පහ පොදු වෙළඳ සංකීර්ණයේ අද සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 18 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ එම වෙළඳ සංකීර්ණය තාවකාලිකව වසා දැමුණා.
මෙලෙස රෝගීන් වාර්තාවුණේ වෙළඳසැලේ සිටි පුද්ගලයින් 58 දෙනෙකු අහඹු ලෙස තෝරාගෙන සිදුකළ පරීක්ෂණවලදියි.ඒ අනුව ආසාදිතයින්ගේ ආශ්රිතයින් 100 කට ආසන්න පිරිසක් නිරෝධායනයට ලක් කර තිබෙනවා.