දස හැවිරිදි දරුවෙකුට ලිංගික අතවර කල 74 හැවිරිදි පුද්ගලයාට එකොලොස් වසරකට පසු ලැබුණු දඩුවම..,
Friday, 05 February 2021 - 13:24 | Views - 459
තම නිවස අසල පදිංචි දස හැවිරිදි ශිෂ්‍යාවක් උපක්රමශීලීව තම නිවසට ගෙන්වා පසුව ඇය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන 74 හැවිරිදි පුද්ගලයෙකු රුපියල් විසිපන්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප කරුවන් දෙදෙනෙකුගේ ඇපමත අත්අඩංගුවෙන් මුදා හැරීමට මීගමුව මහාධිකරණ විනිසුරු එන්. එස්. හපුආරච්චි මහතා නියෝග කළේය.
චුදිතට එරෙහිව නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ අධිචෝදනා භාරදීමෙන් අනතුරුව ඉහත සඳහන් ඇපය නියම විය. මෙහි විත්තිකරු වූයේ 74 හැවිරිදි අයෙකි. ඔහු 2009 ජනවාරි මස 5 වැනිදා බාලවයස්කාර ශිෂ්‍යාවකට
ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ ඇත. රජයේ අධිනීතීඥ ගයිනි වෑගොඩපොල මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ටී. කේ. ධර්මසේන මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය මැයි මස 5 වැනිදා පැවැත්වේ.
මීගමුව සමූහ - විමල් කීර්ති
දිවයින
Share This Article