තම සොහොයුරා විසින් දූෂණය කිරීම නිසා ගැබ්ගත් 15 හැවිරිදි දැරියක දරුවකු ප්රසූත කරයි.
Friday, 05 February 2021 - 11:46 | Views - 535
තම සොහොයුරා විසින් දූෂණය කිරීම නිසා ගැබ්ගත් 15 හැවිරිදි දැරියක දරුවකු ප්රසූත කර ඇති අතර සොහොයුරා හිඟුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදි තරුණයෙක්. දරුවා ලැබීමට දැරිය රෝහල්ගත කිරීමෙන් අනතුරුව රෝහල් ප්රධානීන් විසින් සිද්ධිය පොලිසියට දැනුම් දී ඇති බවත් සඳහන්. පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී දීර්ඝ කාලයක සිට දැරිය තම සොහොයුරාගේ අතවරයට ලක්ව ඇති බව හෙළිව තිබෙනවා.
කෙසේ වෙතත් සහෝදරයා වූ 18 හැවිරිදි තරුණයා ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කර තිබෙන බවයි හිගුරක්ගොඩ පොලිසිය වැඩිදුරටත් සදහන් කලේ.
Share This Article