ප්‍රියසාද් පවුලේ මිත්තණිය හදිසියේ මෙලොවින් සමුගනියි..,
Friday, 05 February 2021 - 9:32 | Views - 292
“ඔයා මං ඉස්සරහ ඇස් වහද්දි මට කිසි දෙයක් හිතාගන්න බැරි වුනා.”

“අපිට ආයෙත් කවදාවත් ඔයාගෙන් නත්තලට තෑගි හම්බෙන්නෙ නෑ...
ජේසු එක්ක සතුටින් හිනා වෙලා ඉන්න. අපි දිහා හැමදාම බලන් ඉන්න...”

ප්‍රියසාද් පවුලේ ආදරණීය මිත්තණියගේ හදිසි වියෝව ගැන පුංචි තිරයෙන් වගේම සිනමා තිරයෙනුත් කාගෙත් ආදරය දිනාගත් ශනුද්‍රි ප්‍රියසාද් ඉතා සංවේදී සටහනක් ඇගේ මුහුණු පොතට එකතු කරලා තිබුණා.

මේ තියෙන්නේ ඒ සටහන.....

මගේ එකම ආච්චී ♥️

පොඩි කාලෙ ඉදන් මට නෝනේ කියලා කතා කර කර පස්සෙන්ම ඇවිත් මට බත් ගුලි කරලා කවනවා. හොදට ඇවිදින්න පුලුවන් කාලෙ කඩේට ගියාම මොනාම හරි මට කන්න ගේනවා. හැම සැරේම බන්ඩාරවෙල ගහින් එද්දි තෑගි ගේනවා.

ගොඩක් දෙනෙක් ඔයාගෙන් ප්‍රයෝජන අරන් ඔයාව ඈත් කරද්දි අවුරුදු ගානක් තිස්සේ අපිත් එක්ක අපේ ගෙදර අපේ අම්මා හරිම ආදරෙන් බලාගත්තා. ඔයාගේ හැම ආසාවක් ම අම්මා ඉශ්ට කරා. අපි එලියට යනකොට බෑග් එක ලග තියාගන්න, ගිය ගමන් call කරන්න, දොරවල් සේරම ලොක් කරන්න, වෙලාවට කන්න කියලා යනකන් ම කියනවා. ගමන ගිය වෙලේ ඉදන් 100 පාරක් විතර call අරන් එකම දේ ආයෙත් කියනවා. අපි ඉන්න program එකක් tv එකේ යනවනම් නෑදෑයො හැමෝටම call කරල බලන්න කියනවා. අපි ඉන්න film එකක් tv එකේ 10 සැරයක් ගියොත්, ඒ හැම සැරේම බලනවා. අම්මා ඇදුම් මහනකන් එයා එක්ක කියව කියව කාමරේ ඉන්නවා. මම හදන හැම කෑම එකක්ම රහ කර කර කනවා රහ නැති වුනත්. අම්මා අපිට බනිද්දි අපේ පැත්ත ගන්නවා.

ආච්චි එදා අසනීප වෙලා hospital යනකොට හොදට හිනා වෙලා ගිහින් එන්නම් God bless you කියල යද්දි මම හිතුවෙ ඉක්මනට ගෙදර එයි කියලා. මම බලන්න ඊයෙ ගියේ ඇත්තටම දැන් අඩුයි කියල හිතන්. ඒත් අම්මයි මමයි මුන අත ගාලා කතා කරාට එයා අපි දිහා බැලුවෙ නෑ. හැබැයි එයා හොදට අහන් හිටියේ කියල දන්නව. එයා අපි එනකන් ම හිටියෙ එයාව ආදරෙන් බලාගතිතු මගෙ අම්ම එයාව එක පාරක් බලන්න එනකන්. අපි ඇවිත් විනාඩි ගානකින් එයා ඇස් වහගත්තා.

ආච්චි නැතුව ගෙදර පාලු වෙයි. ඒක දැනෙන්නේ තව ටික දවසකින්. මොකද මේ දැනුත් මම මේක ලියද්දි ඔයා මගේ ඉස්සරහ නිදි. හෙට ඔයාව දකින අන්තිම දවස. මට මගේ කෙනෙක් නැති වුන පළවෙනි පාර. මම මේ වෙනකන් ඒක දැනෙන විදිය දැනන් හිටියෙ නෑ. ඒත් ඔයා මං ඉස්සරහ ඇස් වහද්දි මට කිසි දෙයක් හිතාගන්න බැරි වුනා. මම දැන් ඒ වේදනාවත් දන්නවා. අපිට ආයෙත් කවදාවත් ඔයාගෙන් නත්තලට තෑගි හම්බෙන්නෙ නෑ...
ජේසු එක්ක සතුටින් හිනා වෙලා ඉන්න. අපි දිහා හැමදාම බලන් ඉන්න...
ආදරෙයි ආච්චි♥️
04-02-2021



No description available.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top