හික්කඩුවේ පුද්ගලයෙකුගේ මළසිරුර සීනිගම මුහුදු වෙරළෙන් මතුවේ..,
Friday, 05 February 2021 - 9:11 | Views - 473
ඊයේ රාත්රී 9.50ට පමණ සීනිගම ප්රදේශයේ මුහුදු වෙරළේ තිබී පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා.
මීටියාගොඩ පොලිසියට ලද පණිවිඩයක් මත කල විමර්ශනයකට අනුව මළ සිරුර සොයාගෙන තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 41ක් වන තොටගමුව, හික්කඩුව ප්රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
මෘත ශරීරය බලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර මීටියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Share This Article