“දවස් හතරක් ඉඳලා පුතා නැතිවුණා..
එයාමයි වාහනය ඩ්‍රැයිව් කරන් ගියේ......”
“මැෂින් එකක් කෝටි එකහමාරයි.. මම මේ වෙනුවෙන් පෙරමුණ ගන්නවා..”
මෙරට කොවිඩ් වැළදීමෙන් ජීවිතක්ෂයට පත් පළමු වෛද්‍යවරයා ලෙස වෛද්‍ය ගයාන් දන්තනාරායන මෙලොව හැර ගියේ මීට දින කිහිපයකට පෙරයි.
වෛද්‍ය ගයාන්ගේ වියෝවෙන් වේදනාවට පත් සිත සුවපත් කරගන්නට අදටත් ඔහුගේ පියාට හැකිවී නැහැ.
තම ආදරණීය පුතනුවන් ගැන ගයාන්ගේ පියා හිරු ප්රවෘත්ති සමඟ සිය ශෝකය බෙදාහදා ගත්තේ මෙලෙසින්.
තම දරුවාට අවශ්‍ය ප්‍රතිකාර අවසන් අවස්ථාවේ ලබා දීමට නොහැකිවීම ගැන ගයාන්ගේ පියා පැවසුවේ මෙවැන්නක්.