යතුරුපැදියෙන් ගිය ගමන මරුවාගෙන් කෙළෙවර වූ හැටි..,
Thursday, 04 February 2021 - 14:52 | Views - 607
ඊයේ (03) රාත්රියේ සිදු වූ යතුරුපැදි අනතුරින් කාන්තාවක් මියගොස් තිබෙනවා.
අඟුණකොළපෑලැස්ස, කයිලවැල්පෝටාවේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි පොලිසිය ප්රකාශ කළේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව කුට්ටිගල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ කයිලවැල්පෝටාවේ පදිංචි කාන්තාවක්.
වයස අවුරුදු 48ක් වන මෙම කාන්තාව අවිවාහක බවයි පොලිසිය පැවසුවේ.
මේ අතර බරපතළ තුවාල ලැබූ අනෙක් යතුරුපැදිකරු ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මරණයට පත් වූ කාන්තාවගේ හදිසි මරණ පරික්ෂණය අද(04) පැවැත්වීමට නියමිතයි.
සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අඟුණකොළපෑලැස්ස පොලිසිය සිදු කරනවා.
Share This Article