අමාත්‍යංශයෙන් පිට වූ ඇමති අමරවීර මාධ්‍යට අදහස් දක්වයි.
Wednesday, 03 February 2021 - 16:42 | Views - 470
පරිසර අමාත්‍යාංශය විසින් පවත්වන සාකච්ඡා , රැස්වීම් මින්පසු ශ්‍රවණාගාර තුළ නොපවත්වා එළිමහනේ පැවැත්වීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අප රටේ දවල් කාලයට පැය 07ක් 08ක් යන තෙක් හොඳට හිරු එළිය ලැබෙනවා. නමුත් අපේ කාර්යාල හැම එකකම මහදවාළේත් විදුලි පහන් දල්වාගෙන තමයි ඉන්නේ. හොඳට සුළං හමන රටක මුලු දවස පුරාම වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කරනවා. ජාතික ධනය හා සම්පත් විශාල වශයෙන් නාස්ති වෙනවා. ඒ නිසා අපි පරිසර අමාත්‍යාංශය විදියට තීරණය කළා මින් පසු අපි පවත්වන මාණ්ඩලික නිලධාරින්ගේ සාකච්ඡා, රැස්වීම් සියල්ලම අපේ අමාත්‍යාංශ පරිශ්‍රයේ තිබෙන සුන්දර වන අරණ තුළ පවත්වන්න යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියා.
ඒ අනුව ඊයේ (02) ප්‍රථම වරට බීජ රෝපණ වැඩ සටහන පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටි සුන්දර වන අරණ තුළ පවත්වනු ලැබුවා.
පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටි වන අරණ සාකච්ඡා මණ්ඩපයකට සුදුසු අයුරින් සංවර්ධනය කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සදහන් කළා.
Share This Article