විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන මුදල් සදහා අමතර මුදලක්..,
Wednesday, 03 February 2021 - 12:47 | Views - 1,449
විදෙස්ගත ශ්‍රමිකයින් ප්‍රේෂණ ලෙස මෙරට එවනු ලබන ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් දෙකක් ගෙවීමට ඉදිරිපත් වූ අයවැය යෝජනාව මේ වන විට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, වාණිජ බැංකු මහබැංකුවෙන් ඉල්ලා ඇත්තේ විදෙස් ප්‍රේෂණවලින් සියයට 10ක් අලෙවි කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි.
මෙම අයවැය යෝජනාව ක්‍රියාත්මක වීමට පෙර පැවති ක්‍රමවේදය අනුව පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 7.1ක් විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මුදල් මගින් උපයා ගත් බව වාණිජ බැංකු පෙන්වා දී තිබෙනවා.
Share This Article