කොරෝනා ආසාදිතව මියගිය වෛද්‍ය වරයාගේ වැඩිමහල් සොහොයුරාද මීට ඉහතදී මියගිහින්..,
Wednesday, 03 February 2021 - 10:16 | Views - 338
කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ වැඩිමහල් සොහොයුරා මීට වසර කිහිපයකට පෙර හදිසි අනතුරකින් මියගොස් තිබෙනවා.

ඔහු විද්‍යා විෂය ධාරාව යටතේ උසස් පෙළ හදාරන සිසුවෙකු ලෙස සිටිය කාලය තුළදී සිදු වූ දුම්රිය අනතුරකින් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.

රාගම සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක ගමන් කරමින් සිටියදී අදාළ තරුණයාගේ බෑගය දුම්රියෙන් පිටත ස්ථානයක පැටලීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සඳහන්.

මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායනට වැඩිමහල් සොහොයුරෙකු සහ නැගණියක වනවා.

මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු ඊයේ පස්වරුවේ දඩල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුනා.

ඒ, නිරෝධායන නීතිවලට අනුකූලවයි.

මෙම වෛද්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ සේවයේ නිරතව සිටියදී කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පළමු වෛද්‍යවරයා මොහු බවයි.

මේ වනවිට වෛද්‍යවරුන් 89 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඉන් 63 දෙනෙකු දැනටමත් සුවය ලබා ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ වනවිට වෛද්‍යවරු 150 දෙනෙකු නිරෝධායනයේ පසුවනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top