මාතර ඉදි කෙරෙන මෙරට පළමු ජීවවායු බලාගාරයෙන් කිලෝවොට් 400 ක විදුලියක් ජාතික පද්ධතියට මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී එක් කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මාතර කොටවිල ප්‍රදේශයේ ඉදි කෙරෙන අදාළ ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (01) එක්වෙමින්.
රුපියල් මිලියන 64 ක මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කර තිබෙනවා.