මෙරට තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම ආරම්භ වූ පසුගිය 29 වනදා සිට මේ දක්වා 95,550 දෙනෙකුට එන්නත්කරණය සිදුකර ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
ඊයේ (01) දිනයේ පමණක් පුද්ගලයින් 36,396 කට මෙම එන්නත ලබාදී තිබෙනවා.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ ත්‍රිවිධ හමුදාවේ 19,000 කට මේ වනවිට කොරෝනා එන්නත ලබාදී ඇති බවයි.