ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙස ගෑස් සමාගමක් කළ ඉල්ලීම පාරිභෝගික අධිකාරිය ප්රතික්ෂේප කර තිබෙනවා.
කිලෝග්රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක රුපියල් 1,493 ක්ව පවතින මිල රුපියල් 1,900 දක්වා ඉහළ දමන ලෙස එම ගෑස් සමාගම ඉල්ලා තිබුණේ ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් ඇති බවට පෙන්වා දෙමින්.
කෙසේ වෙතත් ඊට අදාළ මිල ගණන් පිළිබඳ විස්තර ලබාදීමට එම සමාගම කටයුතු කර නොමැතිවීම හේතුවෙන් එම ඉල්ලීම ප්රතික්ෂේප කර ඇති බවයි වාර්තාවන්නේ.