ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම මසකින් කල් දැමේ .
Monday, 01 February 2021 - 16:54 | Views - 446
පසුගිය වසරේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව නිකුත් කළ කඩඉම් ලකුණු මත ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම මසකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කියා සිටියේ කඩඉම් ලකුණු ඉහළ දමා ඇති බවට ලැබී ඇති පැමිණිලි සළකා මෙම තීරණය ගත් බවයි.
පාසල්වලට ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් ඇතුළත් කරගැනීම තවදුරටත් වැඩි කරගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවද ලේකම්වරයා සඳහන් කළා.
Share This Article