අම්පාර - දමන - අම්බලන්ඔය මංසන්ධිය ප්රදේශයේ නිවසක තිබී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ මවකගේ සහ කුඩා දරුවෙකුගේ සිරුරු අද (01) පෙරවරුවේ පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
මිය ගිය මවගේ වයස අවුරුදු 33ක් පමණ වන අතර ඝාතනයට ලක්වූ කුඩා දරුවා දස හැවිරිදි වියේ පසුවන බවයි පොලීසිය සඳහන් කළේ.
ඝාතනයට හේතුව සහ ඊට සම්බන්ධ සැකකරුවන් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.