දිගින් දිගටම තම නැඟණිය කෙලෙසු නරුම සහෝදරයා.,
Monday, 01 February 2021 - 12:16 | Views - 1,108
වසරක කාලයක් දිගින් දිගටම තම නැඟණියව ලිංගික අතවරයට ලක් කළ තරුණයෙකු පිළිබඳ පුවතක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ළමා ආරක්‍ෂණ අධිකාරියට ලද දුරකථන ඇමතුමක් මත බේරුවල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුව සොයා පසුගිය දිනක ආරම්භ කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනුණා.

මෙසේ අතවරයට ලක්ව ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචිව සිටි 08 හැවිරිදි දැරියක බවයි පොලිසිය පැවසුවේ.

ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වා වසරකට ආසන්න කාලයක් තම නැඟණියව තමන් විසින් දිගින් දිගටම අතවරයට ලක් කළ බවටයි පොලිසිය කළ ප්‍රශ්න කිරීම් වලදී සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ.

සැකකරු සන්තකයේ තිබු ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර දැරිය නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බේරුවල පොලිසිය සිදුකරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top