කොවිඩ් එන්නතේ ප්‍රමුඛතා ලැයිස්තුවට - ඇමතිගෙන් ඉල්ලීමක්.,
Monday, 01 February 2021 - 11:07 | Views - 1,009
කොවිඞ් එන්නත ලබා දීමේදී පාසල් ගුරුවරුන්ටද ප්‍රමුඛතාව ලබා දෙන මෙන් විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා දුරකථනය මගින් අමතමින් ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා 30 වැනිදා එම ඉල්ලීම කර ඇති බවයි සදහන්.
කොවිඞ් 19 වසංගතය කළමනාකරණය කළ ලොව හොඳම රටවල් 10 අතරට ශ්‍රී ලංකාව පැමිණීමේ ගෞරවය ජනාධිපතිවරයාට හිමිවිය යුතු බව ද අලහප්පෙරුම මහතා සදහන් කර තිබෙනවා.
එසේම හිටපු අධ්‍යාපන ඇමතිවරයෙකු ලෙස ඔහු මෙම ඉල්ලීම කර ඇති බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.
Share This Article