පාසල් දැරියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිකර ඔවුන්ව ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරමක්..,
Monday, 01 February 2021 - 8:59 | Views - 714
“ශෙහාන් ඕවා දාන්නේ.. එයා ඒ
වීඩියෝ තියාගෙන මාව බය කළා....”

පාසල් දැරියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිකර ඔවුන්ව ගණිකා වෘත්තියේ යෙදවීමේ මහා පරිමාන ජාවාරමක් වැටලීමට මාතර කොට්ඨාශ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ නිලධාරීන් සමත් වුණා.

වයස අවුරුදු 14 ක දැරියක් මත්ද්‍රව්‍ය භාවිතා කරන මෙම දර්ශන වට්ස් ඇප් සමාජ ජාලය හරහා හුවමාරු කිරීමට සංවිධානාත්මක පිරිසක් පසුගිය දිනවල කටයුතු කර තිබුනා.

කිසිදු දෙමාපියෙකු විශ්වාස නොකරන තරමට බරපතළ මේ සිදුවීමට සම්බන්ධ දැරිය මාතර, වැලිගම ප්‍රදේශයේ පදිංචි පාසල් ශිෂ්‍යාවක් බවයි මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සිදුකළ විමර්ශනයේදී හෙළිවුයේ.

ඒ අනුව අදාල දැරිය කඩිනමින් පොලිස් භාරයට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ නිවසට පැමිණෙන වැඩිහිටියෙකු විසින් ඇයට මත්ද්‍රව්‍ය ලබාදී ඇති බවයි.

අදාල වැඩිහිටියා වයස අවුරුදු 56ක පුද්ගලයෙකු වන අතර ඔහු අවස්ථා කිහිපයකදී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත් අයෙකු බවත් විමර්ශනවලදී හෙළි වුණා.

දැරිය මත්ද්‍රව්‍ය භාවිතා කරන වීඩියෝ දර්ශන පෙන්වා ඇගේ යෙහෙළියන් ද මත්ද්‍රව්‍ය පානයට හුරු කිරීමටයි අදාල පුද්ගලයා සැලසුම් කර ඇත්තේ.

මාතර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත්ගේ අධීක්ෂණය මත මේ පිළිබද පරීක්ෂණ ආරම්භ කෙරුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සිදුවීම හරහා නැවත නැවතත් ඉස්මතුවන්නේ දෙමාපිය අවධානය ගිලිහීයන අවස්ථාවකදී තරුණ දරුවන් මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ අපචාර සඳහා යොමුවීමට ඇති අවදානමේ බරපතළ කමයි.

නව යොවුන් දරුවන් එම අපරාධවල ගොදුරක් නොවී රැක බලා ගැනීමට දෙමාපියන් ලෙස ඔබට ඇත්තේ පැහැර හැරිය නොහැකි වගකීමක් බවද අප තරයේ සිහිපත් කරනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top