රංගන ශිල්පී බිමල්ටත් කොරෝනා ආසාදනය වෙයි.
Friday, 29 January 2021 - 14:12 | Views - 1,368
විවිධ චරිත ඔස්සේ ජනතාව අතරට එන බිමල් ජයකොඩිට ආදරේ නොකරන කෙනෙක් නැහැ. බොහෝ දෙනෙක් ඔහුට ආදරේ කරනවා. ඔහුට මේ වෙද්දී කොරෝනා ආසාදනය වී තිබෙන බව ඔහු ඔහුගේ ආදරණිය රසිකයින් වෙත දන්වා තිබෙනවා. මුහුණු පොතේ සඳහන් කළ ඒ සටහන පහතින්..,"ආදරණීයන් වෙත දැනුම් දෙමි, ඊයේ (28) උදයේ කල PCR පරීක්ෂණයකින් මා හට covid 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. වෛරසය ආසාදනය වූවායයි සිතන දින සිට මා කිසිදු කලා කටයුත්තකට සම්බන්ධ නොවූ අතර, එම කාලය තුල මා ගිය තැන් සහ හමුවූ පුද්ගලයන් හට මේ පිළිබඳව දැනුවත් කළ අතරම, අදාලා අංශ ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඔවුන්ගේ මග පෙන්වීම යටතේ නිරෝධායන නීතිවලට අනුකූලව මම නිරෝධායනය වෙමි."


Share This Article