දික්කසාදය පෙනෙන මානයේ තියුණු ආයුධ වලින් සිදුවූ ඝාතනය..,
Friday, 29 January 2021 - 11:39 | Views - 1,041
ඊයේ සවස උහන පොලිස් වසමේ වැරැන්කැටගොඩ ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් උහන පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම ඝාතනය සිදුකල අය හා මරණ කාරිය අඹු සැමියන් වන අතර ඔවුන් දැනට වෙන්ව ජිවත් වෙයි. ඒ සම්බන්ධව දික්කසාද හා නඩත්තු නඩුවක් අම්පාර අධිකරණයේ විභාග වන අතර මෙම මස තිස්වන දින විභාග වීමට නියමිත නඩුවට පෙනී සිටීමට කන්තලේ සිට අම්පාරට පැමිණි සැකකරු බිරිද හමුවීමට ගොස් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු විසිහතරක් වූ වැරැන්කැටගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මෘත ශරීරය අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදුකිරීමට නියමිත බවයි, වැඩිදුර විමර්ශන පවත්වන උහන පොලිසිය සදහන් කලේ. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top