දික්කසාදය පෙනෙන මානයේ තියුණු ආයුධ වලින් සිදුවූ ඝාතනය..,
Friday, 29 January 2021 - 11:39 | Views - 1,042
ඊයේ සවස උහන පොලිස් වසමේ වැරැන්කැටගොඩ ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් උහන පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙම ඝාතනය සිදුකල අය හා මරණ කාරිය අඹු සැමියන් වන අතර ඔවුන් දැනට වෙන්ව ජිවත් වෙයි. ඒ සම්බන්ධව දික්කසාද හා නඩත්තු නඩුවක් අම්පාර අධිකරණයේ විභාග වන අතර මෙම මස තිස්වන දින විභාග වීමට නියමිත නඩුවට පෙනී සිටීමට කන්තලේ සිට අම්පාරට පැමිණි සැකකරු බිරිද හමුවීමට ගොස් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මරණකාරිය වයස අවුරුදු විසිහතරක් වූ වැරැන්කැටගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මෘත ශරීරය අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදුකිරීමට නියමිත බවයි, වැඩිදුර විමර්ශන පවත්වන උහන පොලිසිය සදහන් කලේ.
Share This Article