විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම - කොරෝනා මර්දන එන්නත ලබාගනී.
Friday, 29 January 2021 - 10:41 | Views - 957
ඉන්දීය රජය විසින් ප්‍රදානය කළ කොරෝනා මර්දන එන්නත්කරණය වැඩසටහන අද නිල වශයෙන් ආරම්භ කෙරුණා.

ඒ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ පැවැත්වෙන උත්සවයකදීයි.

එහිදී පළමුවෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා - කොවිෂීල්ඩ් එන්නත ලබාදීමට නියමිත වෛද්‍ය නිලධාරියා වන්නේ එම රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමයි.

ඊට පෙර යුද හමුදා රෝහලේදී ආරක්ෂක හමුදා සාමාජිකයින් තිදෙනෙකුට කොරෝනා වෛරස් එන්නත ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06 කදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා එන්නත් ලබාදීම අද සිදුකෙරෙනවා.

කොරෝනා මර්දන වැඩසටහනේ ඉදිරිපෙළ ක්‍රියා කරන එක්ලක්ෂ 50,000 ක් පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ලක්ෂ 20,000 ක් පමණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත එන්නත පළමුව ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

ඉන්දීය රජය ප්‍රදානය කළ මෙම කොරෝනා මර්දන එන්නත් පළමු තොගය ඊයේ මෙරටට ලැබුණු අතර, එන්නත් මාත්‍රා පන් ලක්ෂයක් ඊට අයත්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top