එන්නත් තොගය මෙරටට - එන්නත් කිරීම හෙට සිට..,
Thursday, 28 January 2021 - 12:28 | Views - 585
ඉන්දීය රජය මගින් ශ්රී ලංකාවට ලබාදෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රාසෙනෙකා - කොවිෂීල්ඩ් එන්නත් තොගය රැගත් ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබෙනවා.
ඉන්දියාවෙන් ප්රදානයක් ලෙස මෙම කොවිෂීල්ඩ් කොරෝනා එන්නත් මාත්රා පන් ලක්ෂය ශ්රී ලංකාවට ලැබෙන අතර, එක් පුද්ගලයෙකුට මාත්රා දෙකක් ලබාදිය යුතු නිසා එමඟින් පුද්ගලයන් දෙලක්ෂ පනස්දහසක් එන්නත් කළ හැකියි.
Share This Article