රුපලාවණ්‍යාගාරයක් වෙත ගොස් ජීවිතය අහිමි වූ මීටියාගොඩ තරිඳු ...,
Thursday, 28 January 2021 - 8:37 | Views - 1,284
අමානුෂික ඝාතනයට හේතුව පොලිසිය අනාවරණය කර ගනී..!

මීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී තියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කොට ඔහුගේ අතේ මැණික්කටුවට පහළින් කොටස මීටියාගොඩ මංසන්ධියට ගෙනැවිත් දමා ඇති බව මීටියාගොඩ පොලිසිය පවසනවා.

පසුගිය ( 25 වනදා ) පස්වරු 6.45ට පමණ මෙම ඝාතනය සිදු වී තිබෙනවා.

මෙසේ ඝාතනය කොට ඇත්තේ එරණවිල මීටියාගොඩ පදිංචි තරිඳු නිශාන් ගුණසේකර (24) නමැති අයෙක්.

මොහු නිවෙසේ සිට මීටියාගොඩ - බටපොළ මාර්ගයේ ඉන්ධන පිරවුම්හල අසල පිහිටි රුපලාවණ්‍යාගාරයක් වෙත පැමිණ තිබෙනවා.

එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම පුද්ගලයාව තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කොට ඇති බවයි පොලිසිය පවසන්නේ .

නාඳුනන සිවු දෙනකුගෙන් යුත් පිරිසක් මෙකී පුද්ගලයාට තියුණු ආයුධවලින් පහරදී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ඝාතකයන් විසින් මෙම පුද්ගලයාගේ එක් අතක මැණික් කටුව අසලින් කපා එම කොටස ඉන්ධන පිරවුම්හල අසල සිට මීටර් 200ක පමණ දුරකට ගෙනැවිත් දමා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.



ගාල්ල - කමල් විජේහේවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top