හෙට සිට කොවිඩ් මාරයා පරදන ලංකාව ..,
Wednesday, 27 January 2021 - 12:16 | Views - 1,155
කොවිඩ් -19 මර්දනය සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත හෙට (28) මෙරටට රැගෙන ඒමට නියමිත බව එන්නත් කමිටුවේ සභාපති ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග පවසනවා.
එන්නත් රැගත් ගුවන් යානය හෙට පෙරවරු 11.00 ට මෙරටට පැමිණීමට නියමිත බවත් එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් බාරගැනීම නියමිත බවත් ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කලා..
මෙරට පැතිර යන කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත ඉන්දිය රජය විසින් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදෙන බව සඳහන්.
Share This Article