"අපි නොහැකි අය සොයා ඔවුනට අපට හැකි දේ කරමු..."- හෙද නිලධාරිනිය මුහුණු පොතට එක්කල සටහන.
පුෂ්පා රම්‍යානි සොයිසා කියන්නේ බොහෝ දෙනෙක් ආදරේ කරන කරුණාවන්ත බොහෝ දෙනෙකුට හැකි අයුරින් උදව් කරන හෙද නිලධාරිනියක්. රෝහලට ආ ආබාධිත පුංචි පුතෙක් වෙනුවෙන් ඈ අපුරූ සටහනක් මුහුණු පොතට එක්කර තිබෙනවා. එය පහතින් ,
"මා ඔහුගෙන් ඇහුව "මොනවද අපෙන් කෙරෙන්න ඕන කියලා'
ඔහු කියනවා " මම පහේ ශිෂ්‍යත්වයත් හොදට පාස් වුනා.
මේ වසරේ අ.පො.ස විභාගෙත් සමත් වෙලා හොද තැනකට යන්න ඕන'
මට ගෙදරට ඇවිත් නොමිලේ උගන්වන ගුරුවරු කිහිප දෙනෙක් එවනවානම් ගොඩාක් පිං:.
උත්පත්තියේ සිට අස්ති බිදෙන රෝගාබාධයක් එක්කයි ඔහු ඉපදුනේ. ඉපදී ටික දිනකින් මියයයි කියූ වෛද්‍ය මතය අභියෝගයකට ලක්කර වසර 15 ක් වන ඔහු අදටත් ජීවතුන් අතර .
ඔබ කටාන පැත්තෙ ඉන්න ගුරුවරයෙක්නම් උදව්වක් කරන්න බලන්න...
ඔහු දැඩි අධිෂ්ඨානයෙන් සිටින දරුවෙක්...
මේ ගමනට එක්වූ අනුශා ගෝකුල මහත්මිය ලබා දුන් පරිගණකය නිසා කිසිදු පංතියකට නොගිය ඔහු දැන් නිපුනයෙක්..
අපි නොහැකි අය සොයා ඔවුනට අපට හැකි දේ කරමු..."
