ඊයේ සවස මිටියාගොඩ පොලිස් වසමේ මිටියාගොඩ ඉන්ධන පිරවුම් හල අසලදී නාදුනන පිරිසක් විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධ වලින් පහරදීමක් සිදුකර ඇති අතර , තුවාලකරු බලපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. මරණකරු අවුරුදු විසිහතරක් වන එරණවිල , මිටියාගොඩ ලිපිනයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය බලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර , සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මිටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන බවයි පොලිසිය සදහන් කලේ.