ජෝඩු වී යන්න - සොරකම් කල දේ ,CCTV කැමරාවෙහි සටහන් වෙයි.
Monday, 25 January 2021 - 17:21 | Views - 343
වලස්මුල්ල ප්රදේශයේ ටයර් වෙළඳසැලක් අසල තිබූ ආරක්ෂිත හිස්වැස්මක් සොරාගන්නා අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබෙනවා.
යතුරු පැදියකින් එහි පැමිණි තරුණයෙකු ආරක්ෂිත හිස් වැස්ම සොරාගන්නා අයුරු එහි දැක්වෙනවා.
ඒ ඔහු සමග පැමිණෙන කාන්තාවකට යතුරු පැදියේ ගමන්කිරීමට ආරක්ෂිත හිස්වැස්මක් නොමැති වීම හේතුවෙන්.
මේ අතර එම ආරක්ෂිත හිස් වැස්ම තුළ තිබූ රුපියල් 19600ක මුදලක් ද අතුරුදන් ව ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් සොයා වළස්මුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර එම අවස්ථාව පහතින්.
Share This Article