වෛද්‍යවරුන්ගේ අනතුරු ඇගවීම් තවදුරටත් - බස්නාහිර පළාත කොවිඩ් හමුවේ යලිත් අවදානමක..,
Monday, 25 January 2021 - 13:31 | Views - 712
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මන්ත්‍රීවරයා මේ බව තහවුරු කළා.

මීට පෙර අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

ඔවුන් අතුරෙන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර මේ වනවිට සුවය ලබා නිවසට ගොස් තිබෙනවා.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ බස්නාහිර පළාතේ කොරෝනා අවදානම යළි ඉහළ ගොස් ඇති බවයි.

එසේම, දිනක් තුළදී කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී හඳුනා ගැනුණා.

එම සංඛ්‍යාව 480 ක්. කොළඹ මහ නගර සභා සීමාවෙන් කොරෝනා ආසාදිතයින් දෙසිය තිස් දෙදෙනෙකු ඊයේ හඳුනාගෙන තිබූ අතර, වැල්ලම්පිටිය සහ ගල්කිස්ස ප්‍රදේශවලින් ආසාදිතයින් 29 දෙනා බැගින් වාර්තා වී තිබුණා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් සඳහා රෝහල්වල වෙන්කර ඇති ඇඳන් සංඛ්‍යාව උපරිම මට්ටමට ළඟාවෙමින් පවතින බවයි.

පවතින තත්ත්වය හමුවේ උත්සව සඳහා සීමා පැනවීම ඇතුළු උපක්‍රමශීලි ක්‍රියාමාර්ගවලට යොමුවිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ තවදුරටත් කියා සිටියේ.

එසේම, ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 843 දෙනා අතරින් 86 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන්, හැත්තෑ දෙදෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් සහ 40 දෙනෙකු ගාල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

බැඩ්මින්ටන් හිටපු ජාතික ශූර නිලූක කරුණාරත්නට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද වාර්තා වුණා.

ඔහු මීට පෙර කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගත් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ සොහොයුරායි.

මේ අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 140 - බෝලාන දකුණ ග්‍රාම නිලධාරී වසමේ මැලේ-කොලණිය ගම්මානය සහ පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාම නිලධාරී වසම් අද උදෑසන හයේ සිට හුදෙකලා කර තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ කල්මුණේ උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ වසම් 06 ක් සහ කල්මුණේ දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ වසම් 04 ක් අද උදෑසන හයේ සිට හුදෙකලා බවින් ඉවත් කළ බවයි.

මාස කිහිපයකට පසු බස්නාහිර පළාතේ පාසල් නව වසරේ පළමු වාරය සඳහා අද විවෘත කෙරුණා.

ඒ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණයි. දිවයිනේ සෙසු පළාත්වල පාසල් යම් යම් සීමා කිරීම් වලට යටත්ව විවෘත වුවද, කොරෝනා ව්‍යාප්තියේ දෙවන රැල්ල හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් විවෘත කෙරුණේ නැහැ.

හුදකලා ප්‍රදේශවල පවතින පාසල් හැර අනෙකුත් ප්‍රදේශවල පාසල් 11 වන ශ්‍රේණිය සඳහා අද විවෘත වුවද, ගුරු සංගම් ප්‍රකාශ කළේ සිසුන්ගේ පැමිණීම අඩු මට්ටමක පැවති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top