තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ආසාදිතයන් අතරට..,
Monday, 25 January 2021 - 8:39 | Views - 646
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මන්ත්‍රීවරයා මේ බව තහවුරු කළා.
මීට පෙර අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.
ඔවුන් අතුරෙන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර මේ වනවිට සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබෙනවා.
Share This Article