තනතුරු හමුවේ දෙවැනි නොවූ ආදරය, ආදරණීය සටහනකින් මතු වෙයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ උපන්දිනය ඊයේ දිනයට යෙදි තිබුණා.
ඒ් වෙනුවෙන් සුබ පතමින්, සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තැබීමටයි, අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේ.
එම සටහන පහතින්....
"මගේ දයාබර බිරිඳ ශිරන්ති රාජපක්ෂ අද සිය උපන් දිනය සමරන්නී ය. පසුගිය දශක හතරක පමණ කාලය තුළ මගේ ජීවිතයේ ජය-පරාජය, දුක-සතුට හමුවේ නොසැලී සෙවනැල්ල සේ ඈ කටයුතු කළා ය. යහපත් බිරිඳක, මවක, මිතුරියක, සමාජ සේවිකාවක ලෙස ඇය සිය පවුලට මෙන් ම සමාජයට ද යුතුකම් නො පිරිහෙළා ඉටු කළා ය. මා පැමිණි දීර්ඝ දේශපාලන ගමනේ දී රටට අවැසි අභීත වූත් නිවැරදි වූත් තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය ආත්ම ශක්තිය සහ මානසික නිදහස ලබා දුන් ආකාරය කෘතවේදීව සිහිපත් කරමි. දයාබර ශිරන්ති, ඔබට නිදුක් නීරෝගී සුව පිරි සතුට සැනසුම සපිරි සුබ උපන් දිනක් පතමි! තෙරුවන් සරණයි!
මහින්ද

