නව ඇරඹුමක් දී " හාස්‍යය දනවන Tik TOK "සමගින් එන - ඇමති නාමල් .
“ටික් ටොක් වෙනස් ආකාරයේ වේදිකාවක්.
සැබැවින්ම එය නිර්මාණශීලියි...!!”
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ලොව පුරා ජනප්‍රිය යෙදවුමක් වන ටික් ටොක් යෙදවුම සමඟ සම්බන්ධ වී තිබෙනවා.
සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක් කරමින්, නාමල් රාජපක්ෂ සඳහන් කර තිබුණේ, ධනාත්මක හා නිර්මාණත්මක දේ හුවමාරු කර ගැනීමට "ටික්ටොක්" අපූරූම තෝතැන්නක් බවයි.
වැඩිදුරටත් ඔහු එහි සඳහන් කර ඇත්තේ,
මම නිල වශයෙන් ටික් ටොක් සමඟ සම්බන්ධ වුනා. ටික් ටොක් වෙනස් ආකාරයේ වේදිකාවක්. සැබවින්ම එය භාවිතා කරන්නන්ගේ නිර්මාණශීලිත්වය පිළිඹිබු කරනවා.ධනාත්මක හා නිර්මාණාත්මක අන්තර්ගතයන් හුවමාරු කරගැනීමට මාගේ ටික් ටොක් ගිණුම හා එක්වන ලෙස ඔබට ආරාධනා කරනවා.,