ධම්මික පැණිය කබලෙන් ලිපට - ඇමති පවිත්‍රාටත් කොරෝනා..,
Saturday, 23 January 2021 - 4:53 | Views - 1,785
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි හට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇතැයි සිංහල බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.
එම පුවත් සේවයට ලැබුණු විශ්වාසදායක ආරංචි මාර්ගයක් උපුටා දක්වමිනුයි ඔවුන් මේ බව කියා සිටියේ.
සිකුරාදා දිනයේදී සිදුකළ වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණය හෙවත් රැපිඩ්ඇන්ටිජන් පරීක්ෂණයකින් මෙය තහවුරුවී ඇති බව සඳහන්.
මේ වනවිට ඇය පී.සී.ආර් පරීක්ෂණයකට මුහුණදී ඇති බවත්, එහි ප්‍රතිඵලය ලැබෙනතුරු නිවසේ නිරෝධායනය වීමට තීරණය කර ඇති බවත් වාර්තා වනවා.
කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය හෝ අමාත්‍යවරිය කිසිදු නිළ නිවේදනයක් මේ දක්වා නිකුත් කර නැහැ.
එමෙන්ම අමාත්‍යවරියගේ සමීපතම ආශ්‍රීතයින් ස්වයං නිරෝධායනය යොමු කර ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.
Share This Article