බිරිදගේ ගෙල කපා එල්ලී මැරුණු සැමියා ,
Friday, 22 January 2021 - 14:41 | Views - 567
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් මාකෙවිට ප්‍රදේශයේ පදිංචිව සිටි අඹු සැමි යුවළක් ඊයේ පෙරවරුවේ නිවස තුළ මිය ගොස් සිටියදී ගම්පහ පොලීසිය සොයාගෙන තිබෙනවා.

මිය ගොස් ඇත්තේ සියඹලාපිටියගේ දොන් ෂෙල්ටන් ඇලෙක්සැන්ඩ්‍රා නමැති 60 හැවිරිදි සැමියා සහ පරගහගොඩ ලියනගේ තුෂාරි ප්‍රියංගිකා නමැති 50 හැවිරිදි බිරිඳ බව පොලීසිය පවසයි.

බිරිඳගේ ගෙල කපා ඝාතනය කර තිබූ අතර, සැමියාගේ සිරුර එම නිවසේම එල්ලෙමින් තිබියදී සොයා ගෙන ඇති බවත් සඳහන්. දෙදෙනා අතර නිතර ආරවුල් පැවතීම මත බිරිද ඝාතනය කර සැමියා ද දිවි නසා ගන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

මෙම යුවලට වැඩිහිටි දියණියක් සිටින අතර ඇය කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන බැවින් මෙදින නිවසේ සිට නොමැති බවද අනාවරණය වී යැයි පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top