යොවුන්වියට පාතැබූ දියණියට කොරෝනා කදවුරෙන් ලැබුණු සාදය..,
Friday, 22 January 2021 - 11:22 | Views - 718
ඇඹිලිපිටිය යෝධගම නවනගරයේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පසුගිය බදාදා උදෑසන පුංචි සාදයක් පවත්වා තිබෙනවා.

සාදයක් යැයි කියුවද එය චාරිත්‍රානුකූල උත්සවයක්. කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටින 13 හැවිරිදි දියණියක පසුගිය 16 වනදා වැඩිවියට පත් වුණා. ඊට අදාළ චාරිත්‍ර සිදු කිරීම සම්බන්ධයෙන් මුහුණුපොතේ ඉතා අපූරු සටහනක් සංචරණය වෙමින් තිබෙනවා. ඒ සටහන පහතින්....

කොවිඩ් කදවුරේ කුමාරිය..

දැරියක මල්වරවීම අතිශය ස්වාභාවික ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් පමණක්මය. නමුත් කොවිඩ් කදවුරක තම මව සමග තනිව සිටි දැරියක මල්වරවීම. ඒකනන් මාරය. මාරම මාරය. එය සැබවින්ම සිදුවුවක්දැයි ඔබට සිතෙනු ඇත.අද කොවිඩ් කදවුරට මගුල් දවසකි.කදවුර භාර ප්‍රධාන වෛද්‍යතුමියත්,මේට්‍රන් මහත්මියත් ගවුන් තොරන්නට දුවයි,හෙද නිලදාරි මහත්ම මහත්මින් ඇයව නැහැවිමට නැකැත් සැදිමට නැකත්කරැවන් සෙවිමට යුහුසුලුවය.

ඒ අස්සේ මටද ඇමතුමකි ඒ Janaka Prasanna මල්ලිගෙන්ය.ඒ මල්ලි කොවිඩ් කදවුරේ ප්‍රධාන හෙද නිළධාරියාය.
මල්ලි ඉතිං, අයියේ අපේ කැම්ප් එකේ පොඩි උත්සවයක්. ඔවු මල්ලි මගෙන් මොකද්ද කෙරෙන්න ඔනේ.අපෝ මොනවත් නැ අයියේ අපි සේරම වැඩ ටික කරගෙන යනවා. හරි මල්ලි නියමයි. එහෙම උනාට මගේ හිතටත් ඒක හෙන මදිවගේ.
Shiromi Rathnayake මාගේ සොයුරිය මන් ඇමතුමක් ගත්තා.මචං සුදාමිනේ කැම්ප් එකේ කෙල්ලෙක්ගේ පොඩි උත්සවයක්.

මං සිද්දිය කිව්වා.මචං අපි කේක් එකක් අරං දෙමුද. බොල බුරැවෝ කේක් දෙන්නැ ඔය වගේ උත්සව වලට. මං පෙන්ඩන්ට් එකක් අරං දෙන්නන් කෙල්ලට.ගොඩක් ස්තුති සුදාමිනේ. දැන් මට ඔනේ මේ කෙල්ලට තවත් මොනවාම හරි දෙන්න.මම කතාකරා Anusha Tennakoon මගේ සොයුරියට. මොකො උබ. මචං අනු කොවිඩ් කැම්ප් එකේ පොඩි පාටියක් කෙලිපොඩ්ඩෙක්ගේ. නෑ මටත් කෙල්ලෙක් නැ නේ මචං .මම 10,000 දානවා,උබ කෙල්ලට බඩුටිකක් අරං දියන්.

දැන් ඒ මුදලට තව මුදලක් අපි එකතු කරලා අපි ඒ දොනිට මාලයක් අරං දුන්නා. ශිරොමි නැන්දයි අනුෂා නැන්දයි එකතුවෙලා කවදාවත් ඇහැට නොදැකපු ඒ දුවට මාලෙකුයි පෙන්ඩන්ට් එකකුයි තැගිකරා. වචනයේ පරිසමාප්තියෙන්ම උබල දෙන්නා මව්වරැමයි. ඇබිලිපිටියට අවොත් කොයි දරැවත් අපේමයි. ස්තුතියි Vindika Jayasekara හා සොයුරියන් දෙදනාට ඔබ ලග තියන උතුම් මනුස්සකමට..

ෆේස්බුක් තුළ හුවමාරු වූ ලිපියකි.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top