ඉන්දියාවේ කොරෝනා එන්නත ඇතුළු එන්නත් නිපදවන ආයතනයක ඊයේ ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නෙන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
එම ආයතනයේ පූනේ මධ්‍යස්ථානයේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක මෙලෙස ගින්න හටගෙන ඇති ඇති බවයි වාර්තා වන්නේ.
ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන මෙම ආයතනය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා විසින් සංවර්ධනය කරන ලද කොවිෂීල්ඩ් එන්නත නිෂ්පාදනය කරනු ලබන බව සඳහන්.
ගින්න මැඩ පැවැත්වීමට පැය 3ක කාලයක් ගත වී ඇති අතර ගින්නට හේතුව කාර්මික දෝෂයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයින් 98,086,978 ක් ලෙස සටහන් වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2,100,341ක් ලෙසයි.
ඇමරිකාවෙන් ගතවූ පැය විසි හතරේ තවදුරටත් මරණ 3836ක් සහ ආසාදිතයින් 174779ක් වාර්තා වී තිබෙනවා.