ගත් ණයෙන් ජීවිතය අපායක් වූ තරුණිය ..,
Friday, 22 January 2021 - 8:37 | Views - 593
“මම නොදන්න මිනිස්සු එක්ක මට ඉන්න වුනා...
අන්තිමට ඒකට මම පුරුදු වුණා..”

කතාවක් තියනවා, ජීවිතේ කියන්නේ තණ අඟ රැඳි පිණි බිඳුවක් වගේ කියලා. ජීවිතේ නිවැරදිව තේරුම් අරගෙන ජීවත් වෙන එක තමයි අපිට කරන්න පුළුවන්. අවබෝධයෙන් ජීවත් වෙන කෙනෙකුට හොඳ දේ මොකද්ද, නරක දේ මොකද්ද කියන එකත් තේරුම් ගන්න පුළුවන්.

අවබෝධයෙන් තීරණය නොගත්තූ, අවසානයට ජීවිතේම වරද්ද ගත්තූ තරුණියක් ගැන කතාවක්...

එහෙම නම් ගනුදෙනුවට කලින් තව පාරක් හිතන්න.....

සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 148 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.....

මේ කතාව ඇය ගැනයි...

සුරූපි තරුණියක් වුනු අපේ "කතා නායිකාව", පවුලේ සැප පහසුකම් මැද වැඩුනු කෙනෙක්. පවුලෙන් ඈත් වුනු ඇය හිටි හැටියෙම බස් කොන්දොස්තරවරයෙක් එක්ක ආදරයකට පැටලෙනවා. මේ ආදර කතාවට ගෙදරින් ඒ හැටි කැමැත්තක් තිබුණේ නැහැ.

අවසානයේ මේ දෙන්නා තීරණය කරනවා, පැනලා යන්න. ඒ විදිහට ගිය ගමන අතරමඟ දෙන්නම කුලී නිවසක "පදිංචිකරුවන්" බවට පත් වෙනවා.

නැති බැරිකම් බොහෝමයක් මැද මේ "ආදර කතාව" නිහඬවම ගලාගෙන ගියා. ආර්ථිකය දුර්ලවම වෙච්ච තැන් සුනිමල් (ඔහු තමයි ඇගේ සැමියා.) මැදපෙරදිග යන්න තීරණය කරනවා.

මේ විදිහට ගිය ගමන සුනිමල් මුල් අවධියේ දුරකථන ඇමතුමකින් හෝ ලෙන්ගතු වුණත් පස්සෙ පස්සේ ඔහු ගැන ආරංචියක් නැතුව යනවා. (ඇත්තටම ඔහු ඇයව අමතක කරනවා.)

සුනිමල්ගේ නොපැමිණිම, අතුරුදහන් වීම, ඔහුගෙන් පඩි පැකට් එකක් ලැබෙනකන් බලාගෙන ඉන්න එක, කරන්න බැරි දෙයක් බව තරුණියට වැටහෙනවා. දවස ගානේ ගෙදරට ඇවිත් යන "පොලී මුදලාලි"ට තමන්ගේ ශරීරය පූජා කරන්න ඇය හිත හදාගන්නේ එහෙමයි..........

පොලී මුදලාලි ඇයව පාවිච්චි කරලා, ඇයට මත් වෙන්න පෙති දීලා, ඇයව "ගණිකාවක්" බවට පත් කරන්නේ, ඇය නොහිතපු විදිහටයි. අවසානයේ ඇය වීදී සරණ ගණිකාවක් බවට ඉබේටම පත් වුනා.

අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.

මේ හමුවීම සහ සමුගැනීම අතර ඇයට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.

ඇගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්.......
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top