ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ.
Thursday, 21 January 2021 - 16:49 | Views - 980
මඩකලපුව දිස්ත්‍රික්කයේ අරසඩි ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ අද සවස 6 සිට මෙම හුදෙකලා කිරීම ක්‍රියාත්මක වන බවයි.

මේ අතර කාත්තන්කුඩි පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයකට පනවා තිබූ හුදෙකලා තත්වය ද අද පස්වරු 6 සිට ඉවත් කෙරෙනවා.

ඒ අනුව 165 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම 03, 165 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර, 165 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර, 166 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම 02, 166 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර, 167 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර, 167 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර සහ 167 ඩී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර මෙලෙස හුදෙකලා බවින් ඉවත් කෙරෙනවා.

මීට අමතරව බණ්ඩාරගම අටලුගම 660 ඒ එපිටමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ 659 බී බමුණුමුල්ල ග්‍රාම නිලධාරී වසම ද හුදෙකලා බවින් නිදහස් කෙරෙනවා.

මොණරාගල බඩල්කුඹුර අලුපොත ග්‍රාම නිලධාරී වසම ද හුදෙකලා බවින් ඉවත් කෙරෙන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම්දෙන්නේ.
Share This Article
Hiru Tv Blog
දරු පැටියා පාසල් යන්න බෑ කියනවද? පෙර පාසල්...
Hiru Tv Blog
Thursday, 24 December 2020 - 12:31
Hiru Tv Blog 1,717 Views
අපේ උපතේදීම අපි සැවොම කිසියම් රුධිර වර්ගයකට...
Hiru Tv Blog
Monday, 21 December 2020 - 14:38
Hiru Tv Blog 1,677 Views
කොවිඩ් 19 හමුවේ දේශීය ඖෂධ භාවිත කිරීම සහ...
Hiru Tv Blog
අධික සීනි නැති, අධික ලූණු නැති, අධික තෙල්...
Hiru Tv Blog
Tuesday, 17 November 2020 - 10:17
Hiru Tv Blog 7,724 Views
බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර...
Hiru Tv Blog
සිංහල සිනමාවේ අසහාය ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාලයන්ගේ අසූ පස් වැනි ජන්ම දිනය...
Hiru Tv Blog
පෙබරවාරි 14 වන දා කාගේත් කථා බහට ලක්වූ දිනයකි.එනම් එදින වැලන්ටයින් දිනය නැතිනම්...
Hiru Tv Blog
රොෂාන් රණවන කියන්නේ පුංචි තිරයේ වගේම රිදී තිරයෙනුත් ප්‍රේක්ෂකයන් අතරට ආපු...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Hiru Tv Blog
මේ කොවිඩ්-19 කාලේ වැඩියෙන්ම ඇසෙන්නට ලැබෙන්නේ සමාජ දුරස්ථකරණය ගැනය. නමුත් කිසිම...
Top