15 හැවිරිදි පාසල් දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු විසින් දැරියගේ අසභ්‍ය වීඩියෝවක් ළඟ තබාගනිමින් මෙලෙස වසර දෙකක් තිස්සේ දැරියට අතවර කර ඇති බවටයි මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇත්තේ.
පසුගිය දිනක දැරිය උපත් පාළන පෙති පානය කිරීම පිළිබඳව පියා දැක ඇති අතර ඒ පිළිබඳව සිදුකළ සොයාබැලීමකදීයි මෙම තොරතුරු අනාවරණ වී ඇති බව වාර්තාවන්නේ.
එහිදී දැරිය සමග මෙම සැකකරු මීට පෙර සම්බන්ධයක් ඇතිකරගෙන ඇති අතර එහිදී පියා විසින් අදාළ පුද්ගලයාට සහ දැරියට අවවාද කිරීමෙන් අනතුරුව එම සම්බන්ධය නවතා දමා ඇති බවට හඟවා තිබෙනවා.
කෙසේ වෙතත් පසුව සැකකරු විසින් දැරිය ලවා මව්පියන්ට නිදිපෙති ලබා දී ඇති අතර එම අවස්ථාවන් හි සැකකරු නිවසට පැමිණ දැරිය අපයෝජනය කර ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දැරිය මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුලත් කර තිබෙනවා.