විදෙස් මිතුරෝ අද සිට දිවයිනට ..,
Thursday, 21 January 2021 - 10:58 | Views - 645
කොරෝනා ව්‍යාප්තිය හමුවේ පසුගිය වසරේ මාර්තු 19 වනදා සිට වසා දැමුණු ගුවන් තොටුපළ අද සිට යළි සංචාරකයින්ට විවෘත වනවා.
මේ අතර සංචාරකයින් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස යුක්රේන ජාතිකයන් පිරිසක් මෙරටට පැමිණි අතර, ඉදිරියේදී පැමිණෙන සංචාරකයින්ට පවතින නීති රීති ලිහිල් කරන බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේ.
එමෙන්ම, මෙරටට පැමිණීමට පැය 72කට පෙර සංචාරකයින් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය බවද අමාත්‍යවරයා කියා සිටියා.
Share This Article