වැදු මව කෙළෙසන්න ගිය පාපතරයාට වැඩ වරදී..,
Thursday, 21 January 2021 - 9:37 | Views - 541
“මට බෑ තනියම ගෙදර නිදා ගන්න. අනික උඹත් තනියමනේ ඉන්නේ.”
“උඹට හොඳයි උඩහ ගෙදර අක්කගේ මිනිහත් එක්ක ඉන්න..
ඒ මදිවට තව මිනිස්සු කී දෙනෙක් එක්ක ඉන්නවද?”
"අනේ මහත්තයෝ මට පුතා ගහනවා, මාව මරනවා කියලත් කියනවා. මට හරි කරදරයි පුතාගෙන්.."
පසුගිය 8 වැනිදා උදේ වරුවේ වේයන්ගොඩ පොලිසියට පැමිණි මැදි වියේ කාන්තාවක් එලෙස පැවසුවේ හඬා වැටෙමින්. ඇගේ නළල තුවාල වී ලේ ගලමින් තිබුණේ සිද්ධියේ බරපතල බව කියා පාමිනුයි.
"මම මෝල හන්දියේ කඩයක් කරනවා. සිල්ලර බඩු තමයි විකුණන්නේ. මගේ මහත්තයා මැරුණේ මීට අවුරුදු විසි හතරකට කලිනුයි. මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා.."
"වැඩිමල් දුවයි පුතයි බැඳලා වෙනමයි ඉන්නේ. බාල පුතාට අවුරුදු තිස් තුනක් වෙනවා. එයා බැඳලා නෑ තාම. එයාගෙන් තමා මට කරදර තියෙන්නේ මහත්තයෝ.."
ඇය නැවතත් කඳුළු පිසදමන්නට වූයේ බාල පුතුගෙන් සිදු වන කරදර හා ජීවිත තර්ජන නිසායි.
ඇය විස්තර කියාගෙන එන විටම ඇගේ පුතා ගැන ස්ථානාධිපතිවරයාගේ මතකයට ආවා. ඒ අවස්ථා කිහිපයදීම ඔහු ගංජා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නිසා යි.
මේ සිද්ධියට සති දෙක තුනකට පෙර ද ඔහු අත් අත්අඩංගුවට ගත් බවද ඔහුට සිහි වුණා.
ඇය පනස් නම හැවිරිදි සාමාන්‍ය පෙනුමක් තිබුණු කාන්තාවක්. දරුවන් කුඩා කාලයේ සැමියා මිය යාමෙන් තනිවම ජීවත් වූ ඇය මැද පෙර දිග රැකියාවකට ද ගියා.
ඒ කාලයේ ඇය විදේශගත වූයේ ඇගේ බාල දරුවා වන මේ පුත්‍රයා මහණ කිරීමෙන් අනතුරුවයි. පිරිවෙන් අධ්‍යාපනය ලැබූ පසු ඔහු පැවිදි දිවියට සමුදී ඇත්තේ සාමාන්‍ය පෙළ ද හොඳින් සමත්ව යි.
සරසවි වරම් නොලැබුණ ද කොළඹ ප්‍රදේශයේ සරසවි බිමක රැකියාවක් සොයා ගැනීමට කටයුතු කළ ඔහු ඉන්පසු නරක මිතුරන්ගේ ඇසුරට වැටුණා.
රැකියාවක් නොමැති බාල පුතා මේ අම්මාගේ මුදල් කිසිදු ලෝබකමකින් වියදම් කරන්න පටන් ගත්තේ ඔහුගේ අරමුණ ගංජා පානය නිසාවෙනුයි.
කල වයස ඉක්මවා යන පුතු ගැන මේ මව නිතරම කනස්සල්ලෙන් පසු වුවත් එහුගේ ක්‍රියා කලාපය වෙනස් කිරීමට ඇයට හැකියාවක් තිබුණේ නැහැ.
"උඹ ගෙදර හිටපන්. මම කඩේ බලාගන්න ඕනෑ.."
රෑ බෝ වන විට වෙළඳසැලට එන පුතා නිවසට පිටත් කර යැවීමට මේ මව කොතෙක් උත්සහ කළත් එය ව්‍යර්ථ වුණා.
"මට බෑ තනියම ගෙදර නිදා ගන්න. අනික උඹත් තනියමනේ ඉන්නේ.."
මව ඔහු පලවා හැරීමට සැරසුණත් ඔහු එලෙස කියමින් රැඳි සිටියා. ඇය නිදා ගන්නේ මේසය අසළ ඇති පොඩි ඉඩ ප්‍රමාණයේ බිම එලන ලද පැදුරකයි. ඇගේ පැදුරට පැමිණෙන මේ පුත්‍රයා ඇගේ ශරීරය අතපත ගෑමට පටන් ගන්නේ සමහර විට ගංජා මතින් මත්ව දැයි සැක සහිතයි.
"මේ මොකද පලයන් යන්න අහකට.."
ඇය ඔහු එළවා දැමීමට කටයුතු කළත් මාස දෙක තුනක සිටම ඇයට මේ කරදරය හිසරදයක් බවට පත් ව තිබුණා.
"එහෙනම් උඹ මට ගෑනියෙක් ගෙනත් දියන්.."
ඔහු වරෙක එසේ පැවසුවත් ඔහු ගැන දන්නා කෙනෙක් ඔහුට කැමති වන්නේ නැහැ.
"අම්මේ මේ බලහංකෝ.."
දිනක් ඔහු සිය ඇඳිවත ගලවා පෙන්වූයේ ඇය තමා වැදූ මව බව ද අමතක කරමිනුයි.
"උඹට හොඳයි උඩහ ගෙදර අක්කගේ මිනිහත් එක්ක ඉන්න.. ඒ මදිවට තව මිනිස්සු කී දෙනෙක් එක්ක ඉන්නවද? මාත් එක්ක හිටියට පව් නෑ බන්.."
ඔහු මව පොළඹවා ගැනීමට දන්නා උපක්‍රම යෙදුවත් ඇගෙන් ඉඩක් ලැබුනේ නැහැ.
ඒ වෙලාවට ඔහු කරන්නේ අවට පුද්ගලයින්ගේ නම් කියමින් ඇයට පහර දීමයි.
මාස කීපයක සිට සිදු වූ මේ ඛේදවාචකයේ උච්ච අවස්ථාව එළඹුනේ පසුගිය දිනකයි.
එදින පෙර පරිදිම මව පොළඹවා ගැනීමට නොහැකි වූ තැන මේ අවජාත පුත්‍රයා අවසානයේ ඇගේ හිස අල්ලා බඩු රාක්කයේ ඇන්නේ හිතේ ඇති වූ කෝපය පිටමං කිරීමටයි.
"තෝව මරනවා මං.."
ඔහු ගුගරන විට හැඬූ කඳුළින් බයේ ගැහෙමින් රැය පහන් කළ ඇය උදේ කෑමට ක්ෂණික නුඩ්ල්ස් පැකට් එකක් හැදුවේ කුමක් කළත් පුතා ගැන ඇති දයා කරුණාව නිසායි.
එහෙත් මේ මාර පුත්‍රයා කළේ නුඩ්ලස් පිඟාන ද පොළවේ ගසා මරණ තර්ජන කරමින් මවට පහර දීමයි.
ඇය පොලිසියට දුව එන්නේ මඳ කිපුණු ඇත් පුතුගේ හයියට ඇය පරදින බව දන්න නිසයි.
පොලිසිය විමර්ශන ආරම්භ කරන්නේ මේ අනුවයි.
නුඩ්ල්ස් පිඟාන පොළවේ ගසා ඇති අයුරුත් බඩු රාක්ක පෙරළා ඇති අයුරුත් පොලිසියට දැක ගත හැකි වූ අතර ඔහුව ද අත්අඩංගුවට ගැණුනා.
තුවාල ලැබූ මව රෝහල්ගත කිරීමට කටයුතු කළ අතර අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට ද නියමිතයි.
විනීතා මානෙල් ගමගේ විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.
Share This Article