තම දියණියට කාමාතුරයෙක් වූ පියා..,
Thursday, 21 January 2021 - 9:11 | Views - 583
“තාත්තා අම්මා එක්ක රංඩු වෙලා කාමරෙන් එළියට යනවා...”
වසර 02 කට අධික කාලයක් තිස්සේ තම 14 හැවිරිදි දියණිය අපයෝජනය කළ පියෙකු අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් සමත් වුණා.
අද හිරු සී.අයි.ඒ.අනාවරණය ඒ පිළිබඳවයි.
මාතර - කඹුරුපිටිය ප්‍රදේශයේ නිවෙසක රාත්‍රී කාලයේදී නිරන්තර ගැටුම් ඇති බව බවට ප්‍රදේශවාසියෙකුගෙන් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය වෙත පසුගියදා තොරතුරක් ලැබී තිබෙනවා.
අදාල නිවසේ වයස අවුරුදු 14 ක,08 හා 06 හැවිරිදි වියේ පසුවන දැරියන් තිදෙනෙකු සිටින බැවින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබදව සොයාබලන ලෙසයි අදාල තොරතුර හරහා වැඩිදුරටත් දන්වා තිබුනේ.
ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලීසියට තොරතුරු රැසක් හෙළිවුණා.
එහිදී 14 හැවිරිදි වියේ පසු වන දැරිය පවසා ඇත්තේ තම පියා නිරතරයෙන් මව සමග ගැටුම් ඇති කර ගෙන නිදන කාමරයෙන් පිටව යන බවයි.
පසුව පියා තමා නිදාසිටින කාමරයට පැමිණ අපයෝජන සිදුකරන බවයි දැරිය පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ.
මෙලෙස වසර 02 කට අධික කාලයක් ඇය පියාගෙන් අපයෝජනයට ලක් ව තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.
ඒ අනුව මාතර කොට්ඨාස භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හෙරත් මහතාගේ අධීක්ෂණය මත ක්‍රියාත්මක වු මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් 40 හැවිරිදි වියේ පසු වන පියා ඊයේ අත්අඩංගුවට ගත්තා.
ඔහු අද මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.
පොලිසිය පැවසුවේ 14 හැවිරිදි දැරියගේ වෛද්‍ය වාර්තාවක් කැඳවීම සදහා ඇයව අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බවයි.
අපයෝජනයට ලක් වු දැරිය මෙම සිදුවීම පිළිබඳව මීට පෙර තමා ඉගෙනුම ලබන පාසලේ පංති භාර ගුරුවරියට දැනුම් දී ඇතත්, ඇය ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් දක්වා නැති බවයි පොලිසිය ප්‍රකාශ කලේ.
ඒ අනුව වැඩිදුර විමර්ශන සදහා දැරිය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති, විනයභාර ආචාරවරයා මෙන්ම පංතිභාර ගුරුවරිය ද පොලිසියට කැදවා මේ පිළිබද ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිතයි.
Share This Article